Back Again

April 13th, 2012

Back again after two months. Couldn’t find a time to write down rants. Came back to SL. Started a job. Little bit busy with things. bla bla bla… Now the free time. I mean holidays. Whether it’s “aluth avurudhu” or what ever the only thing that I know is it’s holiday. No hard feeling about this. When I was a kid I used to light up crackers, fight with crackers and more. And here’s the really annoying thing. Many friends, relations visit here and chatting time. They amazed when they saw me. Most of them didn’t know that I came back. Now the hard time. Answering their points. It’s really annoying and sometimes I have no points for them.

Here’s the my point and you also have all answers for all your doubts.

WHY DID I GO TO UK?
BECAUSE I HAD TO.

WHY DID I LEAVE?
BECAUSE I COULD..

HAVE YOU EVER REGRETTED COMING BACK HOME?
NOOOOOOOOOOOOOOOOOO… NOT EVEN ONCE…( I pretend I’m OK but that’s not what gets me :( )

Many things that are easy in the UK are not so easy here.

The only satisfaction is I became the person that I wanted to be. I want to have fun and enjoy everything that I do.

Finally the move was really hard. It was made easier by many many people who helped get settled in. From the bottom of my heart THANK YOU very much.

#NoteToSelf

January 14th, 2012

Yes. Most of the things almost sorted down. Just two days remaining. It’s hard to manage all the things my self. No words to say. I thought I could get sort down my job quickly. But it took more time than I thought. And finally hand over all the things to next man. Tired to death. No sleep from a week. Lot of things on mind.

Sent a mail to him. Most respectable person in my life. Then it began. It became so complex. Actually still I’m afraid. That’s why I wanted to put a note on me. Someday on future, I’ll be able to know whether  I change it or not.

Here’s the reply mail I got from him.

not going to shout malli.

but please remember this

when i came back to SL i thought the same thing. that if it didn’t
work out i could always go back

it’s been 11 years or more, and I am still here.

but in the end it is your decision

good luck.

Everybody thinks it’s easy until they face them. Hmm. That’s enough for my self.

Everything is a choice. Everything we do.

I hope Malshan will be there on time to pick me. Don’t know. My parents will not be able to come. They all ready messed up some works. It’s good for me :) . I can get rest as I wish.

Don’t know. Let’s hope for the best.

කලබල අස්සේ

December 24th, 2011

ආපහු ගොඩාක් කාලෙකින්. කුරුටු ගාන්න කියලා කොච්චර දේවල් තිබුණත් ඒකට හරියන්න වෙලාවක් නෑ. මොන දේටත් කලින් ගෙදර යන එක plan කරන්න ඕන. ඒක තමයි අමාරුම දේ. ඒකත් තාම හරි හැටි තීරණයක් නෑ. මේ දැන් වෙනකම්ම හිතාගෙන ඉන්නේ ගෙදර යනවමයි කියලා. ඒත් ticket book කරන්න එහෙම යද්දී ඇඟ සීතල වෙලා යනවා බයට. ඒක නිසා ඒකත් පස්සටම යනවා. අර මට වාසනා කියනවා වගේ ගෙදර ගියොත් තෝ නහී මග හිටියොත් ඒත් තෝ නහී වගේ scene එකක් තමයි තියෙන්නේ.

ලොකුම දේ, දැන් ගෙදරින් එච්චරම අකමැත්තක් නෑ වගේ. ටිකක් shape වගේ. මන්ද ඉතින්, ගියාම බර බරයක් පටන් ගත්තොත් තමයි වැඩේ. අනික මට කල්පනා වෙන ඒවා හිතෙන ඒවා වෙන එක බූරුවෙකුටවත් හිතෙන්නේ නැති එකනෙ පුදුමේ.

එනවා කියද්දී ඔක්කොටම එක එක ප්‍රශ්ණ කෝටියයි. ඇයි එන්නේ? තව කාලයක් ඉන්න පුළුවන්කම තියෙද්දිත්? අපි මෙහෙන් එන්න දඟලනවා ඒත් chance එකක් නෑ, ඒත් උඹ එන්න දඟලනවා? ඔන්න බලපන් උඹ ඕනිනම් ඇවිල්ලා සතියක් ඉඳියි, ඊට පස්සෙ අපිට කියන්නෙත් නැතිව යයි. උඹට දැන් මෙහේ ඉන්න බැරි වෙයි? අළුතෙන් ඔක්කොම පටන් ගන්න වෙයි. උඹට එපා වෙයි. ඇත්ත.ඔය ඔක්කොම ඇත්ත. ඒත්…..

ඊට හපන් උන්ට ඕනි බඩු list එක කියද්දී. මට මේවා ගෙනෙන්, අරවා ගෙනෙන්, මට මේවයින් බෝතලයක් ගෙනෙන්. දහසකුත් ඒවා. ඒක කියද්දි තමයි මතක් උනේ ගොඩක් කලින් පිස්සු කෙල්ලෙක් කිවුවා එද්දී එයාට Blue Lable එකක් අරන් එන්න කියලා. ගොඩක් දවසකින් සෙට් උනේ නෑ. ඇයි යකුනේ තේරුම් ගනිල්ලා මට ගේන්න පුළුවන් limit එකක් තියෙනවා වැඩිම උනොත් 40kg විතර. උඹල ඔය කියන ඔක්කොම 200kg වලටත් එහා. හපොයි මම එනවා කියලා කර ගත්ත ගොංකමක්. බලමු බලමු.

ඒවා අස්සේ මම Madame Tussauds බලන්න ගියපු එක ගැන ලියලා දාන්නම්.

ලියනවා කිවුවට ලියන්න නම් දෙයක් නෑ. ඒක හරියට photo shoot එකක් වගේ තමයි. වෙන මොනවත් නෑ. ඒත් එතනදි කොහොමද ඉටිවලින් පිළිම හදන්නේ, එංගලන්තය ඉස්සරම කාලේ තිබුණ විදිහෙන් අද වෙනකම් ආවේ කොහොමද කියල විස්තර සහිතව හොඳටම දැන ගන්න පුළුවන් උනා.

තව පිංතූර මෙතනින් බලන්න පුළුවන්.

සමහරවිට මේ පොස්ට් එක මේ අවුරුදේ ලියන අන්තිම පොස්ට් එකත් වෙයි. ජනවාරි මාසෙදි ලංකාවේ ඉඳලම පොස්ට් එකක් ලියන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. දන්නේ නෑ.

Thank you for being the best part of 2011.

Thorpe Park බලා …

November 19th, 2011

Thorpe Park කියන්නේ theme park එකක්. දන්නවනෙ, theme park එකක් කියන්නේ ඔය roller coaster එහෙම තියෙන, සල්ලි දීල මැරෙන්න යන වෙලාවක දැනෙන්නේ කොහොමද කියල බලන්න යන තැනක්. ඔන්න අපිත් ඉතින් මැරෙන්න ගියොත් කොහොම දැනේවිද කියලා බලන්න ගියා. ගියා කිවුවට ඉතින් මම මුන් දෙන්නව ඇදගෙන ගියා. බෑ බෑ කිය කිය ඉදල බේරෙන්නම බැරිම තැන මුන් දෙන්නත් ආව.

entrance එකට ඇවිල්ලත් මුන් කියන්නේ මේ ride එකට මම එනවා මේකට බෑ, අරකද මේකද කියලා. කොහොම හරි ඇතුළට ඇදගෙන ගියා. අහ් අපි කෝකටත් කියලා කන බොන ඒවා එහෙම අපි park එකට යන්න පැයකට විතර කලින් නතර කරා. අනිවා අපි දන්නවා නැත්නම් ride එකක් යද්දි කරකවලා එහෙම අතෑරියට පස්සේ කාපු බීපු ඒවා ආපහු කටින්ම එනවා කියලා. park එක ඇතුළට ගියා. මුලින්ම තියෙන්නේ පද්දල අතාරින, කරකවලා අතාරින ඒවා. මම දැනගත්ත කලින්ම ඕකක ගියොත් අනිවා මුන් දෙන්න කියනවා ඔළුව රිදෙනවා, කැරකෙනවා වගේ දහසකුත් හේතු කියලා මුන් යන එක මඟ ඇරලා මට විතරක් යන්න වෙනවා කියලා. ඒක නිසා අපි ටිකක් ඇතුළට ගියා. මුලින්ම ගියේ roller coaster එකක. ඇත්තටම මේවගෙදි බය හිතෙන්නේ නෑ කිවුවොත් ඒක බොරුවක්. මේවා හදල තියෙන්නේ බය වෙන්නනෙ. මුන් කරන තව දෙයක් තමයි බය හිතෙන sounds දාන එක. තව ride දෙක තුනකට විතර පොඩි වෙලාවකට ride එක cancel කරලා ඉන්න අය එහෙම එළියට අරගෙන technical fault එකක් තියෙනව කියලා බොරුවට test ride එකක් යවලා බලන එක. test drive එකෙන් පස්සෙ යන්න ඉදපු එවුන්ට හිතෙන ඒවා කියන්න ඕන නෑනෙ.

ඔන්න roller coaster එකේ ගිහිල්ලා ආව. අම්මෝ කියලා වැඩක් නෑ. ඒක අරහෙන් මෙහෙන් කැලෑවක් අතරින් කරකවලා අඹරවලා එහෙම ගන්නවා, තාමත් මතක් වෙද්දිත් බයයි. අනික track එක තියෙන්නෙත් මිනිස්සු යන පාර දෙපැත්තෙන් වගේ. පණ බයයි කොයි වෙලේ හැපෙයිද කියලා. එක තැනකදී සෙට් වෙනවා පොළවෙ තියෙන තණකොල වල ඔළුව ගෑවෙන නොගෑවෙන තරමට කරකවනවා. වැඩිම උනොත් ඔළුවත් තණකොළත් අතරේ පරතරය ඕනිනම් අඩි දෙකක් විතර ඇති. ඒක නිසා තමයි roller coaster එකට ගන්න කලින් උස එහෙම බලලා ගන්නේ. ride එක පොඩ්ඩක් මම video කරා. එත් මුළු ride එකම පේන්නේ නෑ. ටිකක් පේනවා. මොන වගේද කියලා idea එකක් ගන්න පුළුවන්.

ඊළඟට ගියේ Detonator කියලා ride එකක. මේක තමයි ride එක.

උස කුළුණක් උඩට ගිහිල්ලා බිමට අතාරින එක. මේක යන්න නම් මාත් එක්ක ආවේ එකයි. අනික් එකා කිවුවේ උඩට ගියාම ඌට කැරකැවෙන්න ගනීවිලු. ඕන එකක් කියලා මමයි අනිත් එකයි ගියා. අඩි ගානක් උඩට අරන් ගියා. එතකොට වටේට ඔක්කොම පේනවා මුළු park එකම. එතකොට තමයි රත් උනේ. මේකෙන් නේද බිමට වැටෙන්නේ කියලා. දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා හිතුනත් උන් බිමට අතෑරියෙ නෑ. එක පාරටම අපි හිතන්නේ නැති වෙලාවක බිමට දැම්මා. බිමට වැටෙද්දි අපි ඉන්නේ වාඩි වෙලා ඉදපු seat එක උඩ නෙමෙයි. අපිව රැඳිලා තිබුණේ පපුවට තද වෙලා තිබුණ guard එකකින්. මොකද seat එක අපිට කලින් පහළට ගිහිල්ලා. අපි හරියට පාවෙනව වගේ එකක් තමයි තිබුණේ. ගියපු නැති එකා ඒක video කරා. මෙන්න මේ වගේ.

අපේ ඊළඟ ride එක උනේ SAW- The Ride කියන එක.

ඒකටනම් මට තනියම තමයි යන්න උනේ. ඒකත් roller coaster එකක් වගේ උනාට ඒක කැරකෙන රවුම් කියත් අතරින් තමයි track එක හදලා තිබුණේ. ඉතින් track එකේ අඩි ගානක් උඩට වේගෙන් අරගෙන ගිහිල්ලා එද්දී උඩදි පේන්නේ හරියටම අපි වැටෙන්නේ කියත් උඩට කියලා. හරියටම අඩි 10ක විතර පරතරයකදි තමයි අපිට පේන්නේ අපි යන්නේ කියත් වලට යටින් කියලා. ඒක යන්නෙත් ඒවගේ වදින නොවදින ගානට. මට බය වැඩියෙන්ම හිතුණ ඒවගෙන් එකක් තම්යි ඕක.

පස්සේ අපි ගියේ Tidal Wave කියන ride එකේ. ඒකත් උසකට අරගෙන ගිහිල්ල වතුර පිරිලා තියෙන තැනක් මැදින් යන්න තියෙන්නේ.

ඒකෙදිනම් හොඳටම නා ගන්න උනා. ඒකටනම් බය හිතුණෙ නෑ. ඒත් උඩදී ආපහු හිතුණා එන speed එකට වතුරත් එක්ක වැදෙනකොට track එකෙන් එළියට පනීවිද කියල. මේකටනම් බය උනේ නෑ පොඩ්ඩක්වත්.

Stealth තමයි අපේ ඊළඟ ride එක උනේ. track එක තියෙන්නේ මේ වගේ.

මේක තමයි park එකේ වේගෙන්ම යන ride එක. එහෙම speed එකක් නැතුව අඩි 200 වගේ උසකට ගෙනියන්න බෑ. අනික උඩ ඉදල එද්දී කෙලින්ම වැටෙන්නෙත් නෑ. ටිකක් කරකවලා තමයි එවන්නේ. මට කලින් ඉදපු සුද්දා කිවුවා ඌ ආපහු මේ දෙවෙනි වතාවටලු යන්නේ. පළවෙනි පාරට ගියපු වෙලාවේ ඌට පළවෙනි තත්පර දෙකේදී ඇස් දෙක පියවුනා ලු. ride එක ඉවර වෙනකන්ම ඇස් දෙක පියාගෙන ලු ඉන්න උනේ. ඒක නිසා පළවෙනි තත්පර දෙක තුනේදි ඇස් දෙක ඇරගෙන ඉන්න කියලා ඌ කිවුවා. කතාව ඇත්ත. මේක තත්පර 2.3 කදි පැයට සැතපුම් 80කට speed එක ගන්නවා. එතනදි ඇස් දෙක වැහුණොත් ආයෙත් track එක ඉවර වෙනකල්ම නිදි වගේම තමයි. මොකද මූණට හුළඟ වදිද්දී ඇස් දෙක අරින්න අමාරුයි. මේකේ බය වෙනවට අමතරව කොන්දටත් ටිකක් අමාරුයි. මොකද speed එක 0 ඉදල 80 ගනිද්දි ඒක ටිකක් දරාගන්න අමාරුයි. ඒකෙත් video එකක් ගත්තා.

ඔය rides ටිකේ ගිහිල්ලා එද්දී දවල් වෙලා. දැන් ඉතින් බඩගිනියි. ඒත් කන්නත් බෑ. මොකද කාපු බීපු ඒවා කටින් එනව ඊලඟ ඒවගෙ. මොකද ඉතුරු ඒවගෙන් ගොඩක් තියෙන්නේ කැරකැවෙන ඒවා. මොනව කරන්නත් කන්න ඕන. ඒක නිසා ඕන මඟුලක් කියලා කෑව. ටික වෙලාවක් හිටියා. ආපහු සෙට් වෙන්න ගියා. දැන් මුන් දෙන්නට හේතු ගොඩයි. කෑව වැඩියි. කාපුව කටින් එයිද දන්නේ නෑ. හේතු එමට. ඕන මඟුලක් කියලා මම නම් ගියා.

අපි ගියපු ඊලඟ ride එක තමයි Nemesis-inferno කියන එක. මේකත් එක විදිහක roller coaster එකක් තමයි. අනිත් ඒවත් එක්ක තියෙන වෙනස තමයි මේ ride එක හදපු ගිනි දැල් එහෙම පිටවෙන අතරින් යන එක.

අනිත් එක තමයි මේ ride එකේ වැඩිපුර වෙලාවක් අපිට යන්න වෙන්නේ ඔළුව පහතට තියෙන විදියට (ඔළුවෙන් යනවා කියන්නේ). අනික තමයි යකඩ bar අතරින් තමයි යන්න වෙන්නේ. දැන් වැදිලා කුඩු වෙයි කියලා තමයි හිතෙන්නේ.

ඊළඟට අපි ගියේ Vortex කියන එකේ.

ඒක මේ වගේ පැද්දෙන ගමන් කැරකෙනවත් එක්ක. මේකටනම් මම ආසයි. මාරයි. ඒක නිසා මම මේකෙ තව වතාවක් ගියා.

Rush තමයි ඊළඟ එක.

ඒක හරියට ඔන්චිල්ලාවක් වගේ. ඒත් යන speed එකයි උසයි තමයි වැඩි. මේකෙදි තමයි මම බීපු coke එක කටින් එන්න හැදුවෙ. අමාරුවෙන් නවත්ත ගත්තේ. මේකෙදි එක තැනක් තියෙනවා එතනදි අපි ඉන්නෙ හරියටම පොළවට අංශක 90කින්. එතනදි හිතෙන්න විදිහනම් කියල වැඩක් නෑ.

අන්තිමටම ගියේ Zodiac කියන එකේ.

ඒක හරියට කූඩුවක බැහැලා ඉන්නවා වගේ. safety belt මොනවත් නෑ. ඒක කැරකැවෙන්නේ පොළවට සමාන්තරව වගේම, පොළවට අංශක 90ක් තියෙන විදිහටත් කැරකැවෙනවා. ride එක ඉවර වෙලා ගොඩක් වෙලාවක් යනකල්ම ඔළුව කැරකැවෙන්න පටන් ගත්තා.

ඔය ටිකේ ගිහිල්ලා එද්දී රෑ වීගෙන ආව. ආපහු එන්න කියලා ලෑස්ති උනා. අපි ගියේ extreme trills කියන category එකේ තිබුණ ඒවා විතරයි. මොකද අපි බෝට්ටුවල යනවා වගේ ආතල් ඒවට ගියේ නෑ. තව අපි ගියපු category එකේ ඔක්කොම rides වල යන්නත් වෙලාව තිබුණේ නෑ. එක දවසින් නම් cover කරන්න බෑ මේ park එක. අනිවා දවස් 3ක්වත් ඕන. ආපහු යන්න ලැබුණොත් තව දවසක යන්න හිතාගෙන එන්න ආව. එළියට එනකොටනම් ඇඟ රිදෙනවා නිකන් ගුටි කෑව වගේ. එදා රෑ නින්ද ගියා ලෙසටම. ඔන්න ඔහොමයි theme park experience එක.

තව පිංතූර මෙතනින් බලන්න පුළුවන්

පහුගිය දවස් ටිකේ හිර උනා හොඳටම. ආපහු ගොඩ එන්න බැරි විදියටම. ඒව ගැන කියල වැඩක් නෑ. job එකත් ඒ වගේමයි. උදේට ගෙදරින් යනවා, ආපහු මහ රෑ වෙලා එනවා. මාසයකට වැඩිය ඔය රවුම කැරකුනා. කාත් එක්ක හරි කතා කරන්න, call එකක් ගන්න කිසිම දේකට වෙලාවක් නැති උනා. අඩුම ගානේ එකට ඉන්න එකත් එක්ක කතා කරන්න ලැබුණේ සතියටම එක දවසයි. මොකද මම ගෙදර එද්දී ඌ නෑ. ඌ එද්දී මම නෑ. පිස්සුවෙන් වගේ තමයි හිටියේ. වැඩ කරද්දි අවුලක් නෑ. ඒත් යන එන ටික වෙලාවට තමයි එපා වෙන්නේ. ඒ වෙලාවට තමයි ඔය පිස්සු විකාර ඔළුවට එන්නේ. ඔක්කොම බහුබූත ඇවිල්ලා ඔළුවෙ හිරවෙනකොට කියලා වැඩක් නෑ. ඒ විකාර ටික කොහෙ හරි ලියල දාන්න හිටියත් ඒකටවත් වෙලාවක් නෑ. බලමු.

මාසයක් විතර ඔහොම එලොවක් මෙලොවක් නැතුව ඉන්නකොට ටිකක් මේ ඉන්න විදිහෙන් මිදිල ටිකක් ජීවත් වෙන්න ඕන කියල හිතුණා. ඒත් මොකක්ද කරන්න ඕනෙ කියල කිසිම අදහසක් තිබුණේ නෑ. ඉක්මණටම කරන්න ඕන. මොකද මට දෙයක් එපා කියල හිතුණොත් එපාම තමයි. මම දන්නවනෙ මං ගැන. ඒක නිසා මොකක්ද කරන්න පුළුවන් කියල දහ අතේ කල්පනා කරා හිතුවා. ඉස්සෙල්ලම ඔළුවට ආවෙ ලංකාවට ගිහිල්ල එන්න ඕන කියලා.ඒත් අනිවා මම දන්නවා මුන් මට දවස් පහ හයකට වැඩියනම් නිවාඩු දෙන එකක් නෑ කියල. අනික ඇවිල්ල යන්නම දවස් තුනක් විතර ගියාම තව දවස් දෙකයිනෙ. අනික මේ හදිස්සියෙ ගියොත් ඔක්කොම බයවෙලා බලයි මූට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා ඒ අදහස අමාරුවෙන් අහක් කරල දැම්මා.

ම්ම්ම්…මොනවත් කල්පනා වෙන්නේ නෑ හිතෙන්නේ නෑ. අන්තිමට තමයි හිතුණේ කාලෙකින් සෙට් උනේ නැති යාළුවො දෙන්නෙක් බලන්න යන්න ඕන කියල. හරී. මොක කරන්න උනත් උන් දෙන්නට නිවාඩු තියෙන්න ඕනනෙ. call එකක් දාල බැලුවා. call කරල මචං මට මේ වගේයි කියලා කියල දැම්ම. අවුලක් නෑ යාළුවොනේ. උන් දෙන්න කිවුවා හෙට රෑම ticket book කරල වරෙන්, මොකද තව දවස් පහකින් පස්සේ උන් දෙන්නටත් හෙල්ලෙන බැරි වෙන්න වැඩ වැඩි වෙයි කියල. ඒත් ඊලඟ දවසෙ කොහොමද ඔක්කොම කර ගන්නේ. ඕන මඟුලක් කියල ticket book කරලා දැම්මා.

ඊලඟ දවසේ job එකට ගියා. ටිකක් බැණුම් අහලා නිවාඩු දා ගත්තා. රෑ වෙලා ගෙදර ආව. ආපහු රෑ 2ට bus එකට නැග්ගා. උදේ 6 වෙද්දී ලන්ඩන් වල Victoria coach station එකෙන් බැස්සා. අහ්, කියන්න බැරි උනානේ යාළුවො දෙන්න කවුද කියලා. වෑඩේ කියන්නේ එකෙක් හම්බ වෙන්නේ අවුරුදු 9 කට පස්සේ. අනිත් එකා අවුරුදු 6 කට පස්සේ. හිතා ගන්න පුළුවන්ද එහෙම යාළුවො ඉන්නවා කියලා. chat කරලා, call කරලා තිබුණත් හම්බවෙලා කතා කරලා තිබුණේ නෑ අවුරුදු ගාණකින්. ඔන්න ඔහොම දෙන්නෙක් තම්යි. සමහරවිට යාළුවො කියන්නේ ඒක නිසා වෙන්න ඇති.

Victoria වලින් බහිද්දි උදේ හයයි. උන් ඇවිල්ලා හිටියා. එකෙක් එක පාරටම “කොහෙද හු** මෙච්චර දවසක් හිටියේ” කියලා අත දිග ඇරලා දුන්නේ නැද්ද  කම්මුලට පාරක්. මගෙ අම්මෝ, මම කැරකිල ගිහිල්ලා කම්මුල අල්ලගෙන බිම වාඩි උනා. මම හිතුවේ හක්කේ දත් එහෙම නෑ කියල. කඳුළු හෝ ගාල වැක්කෙරෙනවා. මූණත් තහඩුවේ එක පැත්තක් ඉදිමිලා ආව හොඳටම. අනෙ අම්මෝ මතක් වෙද්දි තාම ඇඟ හිරි වැටිල යනවා. යකෝ පුදුම පිළිගැනිල්ලක්නේ.

කොහොම හරි උන්ගේ place එකට මාව අරන් ගියා. හ්ම්ම්ම්. අවුරුදු ගානක ඒවා දවස් තුන හතරකින් ඉවර කරන්නේ කොහොමද? උන් දෙන්නනම් ඉස්සර වගේමයි. කතා කරන විදිහ, ඉස්සර වගේමයි. මෙහෙ ඇවිල්ලා ඉන්න සමහර උන් වගේ අමාරුවෙන් “holy shit”,”what’s the fuck”   කියල කියන්නේ නෑ. ඕන මඟුලකට තාමත් උන් කියන්නේ “මොන හු***ද?” කියලා තමයි. සතුටුයි උන් දෙන්න බොරුවට posh වෙන්න දඟලන්නෙ නැතුව ඉන්න එකට. මං මාර ආසයි එහෙම උන්ට. උන්ගෙ ශරීර කූඩු පැත්තෙන්නම් ඉස්සරට වැඩිය ගොඩක් වෙනස්. බඩ එහෙම ඇවිල්ලා හරියට නිකං කඩේක ඉන්න මුදලාලි කෙනෙක් වගේ. උන් කියනවා කොල්ලෙක් උනාම බඩ තියෙන්න ඕනෙ ලු. ඒත් ඉතින් මෙච්චරටම බඩක් තියෙන්න ඕනෙද?

කතා කර කර හිටියා ගොඩක් වෙලා. අවුරුදු ගානක ඒවා ඉවර කරන්න පුළුවන්ද? බෝතල් ගොඩකටත්, දුම් වලා ගොඩක් මැද්දේ ඒවා දිගට ඇදිලා ගියා. ඒ අස්සේ ඉස්සර වගේම ලාවට සිංදුවක් එහෙමත් ගලාගෙන ගියා.
“සිහින ලොවක් දුටුවා මතකයි”
කියන එකෙන් පටන් ගෙන අන්තිමට නතර උනේ
“ඔහු රිදවන්නට ඔහු හඩවන්නට,
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ,
ඔබ කැදවන්නට ඔබ සතපන්නට,
මා හද තුල ඉඩ නැතිව නොවේ”

කියන පේළියෙන්. එතනින් පස්සේ කතා ටික වෙන පැත්තකට ඇදිලා ගියා. පස්සේ මට හිතුණා මොන මඟුලකට මේ සිංදුව කිව්වද කියලා.

කොහොම හරි ඒ දවස් හතරේ හිතේ හැටියට නිදහසේ ඇවිද්දා මේ වගේ.

පස්සේ ලියලා දාන්නම් මොනවද ඒ දවස් ටිකේ කරේ කියල. වැඩ කරන අය දන්නව නේද දවස් ගානක් නිවාඩු අර ගත්තා වගේ නෙමෙයි ආපහු ඇවිල්ල වැඩ කරද්දි තියෙන ආතල් එක  කොහොමද කියලා. ඒක නිසා ඉඩ තියෙන වෙලාවට ලියලා දාන්න බලනවා.

හප්පේ මේ අවුරුද්දනම් පුදුම චාටර් අවුරුද්දක්. ඔක්කොටම වැඩිය සැප්තැම්බර් මාසේ. කෙල උනා ඔක්කොටම. දැන් මාර සනීපයි. ආපහු මුල ඉඳල පටන් ගන්න ඕන.

ඉස්සෙල්ලම news එක ආවෙ පොඩි මෑන්ගෙන්. ගෙදර computer එකට කෙල වෙලාලු. mother board එක, hard එක, UPS ඔක්කොටම කෙල වෙලාලු. සමහරවිට machine එකට torrent එකක් download  කරන්න දාල තියෙද්දි current එකේ මොකක් හරි scene එකක් වෙන්න පුළුවන්. දැන් ඉතින් හේතු හොයල වැඩක් නෑනෙ. අලුතෙන් parts දානව ඇරෙන්න.

ඒත් මාර දුකයි. මම පුළුවන් තරම් වැඩ ගත්තේ ඔය machine එකෙන්. නිවාඩුවකට ගෙදර ගිය වෙලාවට lap එකත් එක්ක network කරල machine එක server එකක් විදියට අරගෙන ඔක්කොම වද ටික දුන්නේ ඕකට. ඒත් ඒක ගහක් ගලක් වගේ සද්දයක් නැතුව හිටියා ඕන මඟුලක් කරපන් කියල. හ්ම්…

වටිනම දේ ඒක නෙමේ. ඕකෙ software පැත්ත. ඒක dual boot system එකක් දාල තිබුණෙ. පොඩි මෑන්ගෙ ඉස්කොලේ කරන වැඩ වලට M$ Window$ එකයි, ubuntu 8.04 එකකුයි. ඒත් ඒකෙ ඉස්සෙල්ල boot වෙන්න දාල තිබුනෙ ubuntu වලට.

දැන් තමයි scene එක. machine එක boot කරල ටික වෙලාවකින් බලද්දි ubuntu වල. ubuntu අමාරුයිලු. වෙනස්ලු. ඔන්න පළවෙනි දවස් ටිකේම බර බරේ. මමත් ඕන එකක් කියල එහෙමම තියෙන්න දුන්නා. ඊලඟ නිවාඩුවට ගෙදර යද්දි ඔක්කොම වෙනස් වෙලා. පොඩි මෑන් internet යන්න, උගෙ කොල්ලො කුරුට්ටො ගැන්සියත් එක්ක films බලන්න, සිංදු අහන්න, කරන හැම මඟුලම කරන්නේ ubuntu උඩ. කොටින්ම උගෙ කොල්ලො කුරුට්ටොන්ගෙ pen drive,hard driveවල virus නැති කරන්න මූ contract එහෙමත් අරගෙන.

ඊලඟට අම්මා. මොනව හරි document type කරන්න, document කියවන්න ඔක්කොටම ubuntu. ම්ම්ම් තාත්තා. තාත්තා නම් machine එක පාවිච්චි කරන්නේම නැති තරම්. ඒත් පොඩි මෑන්ට කියල මොනව හරි document type කරන්න, බලන්න ඔක්කොටම ubuntu. බාප්පගෙ චූටිම එකා අමාරුවෙන් මේසෙ එල්ලිලා Firefox icon එක දැකල internet කියල කෑ ගහපු වෙලාවෙනම් පට්ටම සතුටුයි.

කෝකටත් කියලා මම පොඩි මෑන්ට ubuntu cd එක දාල grub එක update කරන විදිය කියලා දුන්නා. කියන්න බෑනේ window$ ගැන. කිවුවා වගේම ටික දවසකින් window$ reinstall කරන තැනට වැඩේ වෙලා. පස්සේ ඌ grub එක update කරල ආපහු තිබුණ තත්වෙට අරගෙන. පුදුම වැඩේ කියන්නේ පහුගිය අවුරුදු 3 ½ ටම ubuntu reinstall කරල නෑ. ඒකයි කියන්නේ rock solid Linux කියලා. ඒත් window$ නම් දහ දොළොස් වතාවක්  reinstall කරලා ඇති. මටනම් හිතෙන්නේ hard  එකනම් ගියේ windowS දාලමද කොහෙද. ස්තූතියි Hardy Heron පහුගිය අවුරුදු 3 ½ ම ගහක් ගලක් වගේ හිටියට.

ඊලඟට කෙල උනේ මගෙ lap එකට. VGA එකේ scene එකක්. lap එක රත් වෙද්දි VGA එක main board එකෙන් ඈත් වෙලා connection එක නැති වෙන scene එකක් තිබුනේ. ඒකත් හබක්. චික්. කෙල වෙද්දි කෙල වෙනව ආපහු ගොඩ ගන්න බැරි විදි‍යටම. මොනවා කරන්නද nothing lasts foreverලුනෙ.

Still, I’m doin’ It

September 14th, 2011

Really I’m still love her.
I still remember when I saw her for the first time,
In there I wanted to grab her.
In the first quarter of 2009 MaLsHaN introduce me to her.
From that day she became my girlfriend and still with me in every time.
I used to bring she everywhere I go. I feel I can’t live with out her. I did all my crazy things with  her and still do. Most of the time she sang songs until I felt in to sleep. she never gets angry with me. I let her become my everything.  She knew I’m in jealous when someone touch her. I love her that much.

Here is she.

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

Then wanted to do some my crazy testing stuffs. But I did them virtually. After sometimes I felt that virtual experience and reality experience is bit different. Then what? I can’t use her for this hardcore things. Because my everything is she. I’m afraid about them. I’m not talking about porn and pic. I have more worth things more than porns and pics. Then I tried to find a x-girlfriend. If I can find someone I can do my crazy testing on her. Finally I was very lucky to find her.

She has Atom N450(1.66GHz), 1 GB memory, 160 HDD, 10.1 display and more. This deal is more than enough for me. Because I just need 384MB only. I’m not going to load GUI for her. Only the TUI.

Then I can do any crazy tests with her. Yes she is a big deal for me.

(I’m really sorry about low quality pics)

More pics in here.

මේක ඉතින් තහනම් මාතෘකාවක්නෙ. කවුරුත් ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නෑනෙ.

අරක්කු කිව්වම මතක් වෙන හොඳම බ්‍රන්ඩ් දෙක තමයි බල්ලන්ට ගහන ඒවා (ශ්‍රි ලංකන්  green label), දෙයියන්ට ගහන ඒවා සහ පරණවුනු ඒවා තමයි. ඒ ඇරුණහම ස්ප්‍රීට් විදියට සුදු පාටට එන vodka වර්ග, rum වර්ග තමයි. vodka කිව්වම මටනම් ඉතින් කලින්ම මතක් වෙන්නේ absolute vodka තමයි. බෝතලේ ලස්සන කොහොමද?

ඒක flavours ගොඩකින් එනව. දන්න විදියටනම් absolute PEPPAR, absolute CITRON, absolute KURANT, absolute MANDRIN, absolute VANILIA, absolute RASPBERRI, absolute APEACH, absolute RUBY RED, absolute PEARS, absolute MANGO, absolute FLAVOR OF THE TROPICS කියලා එනව.

ඊලඟට මතක් වෙන්නේ Smirnoff තමයි.

වැඩේ කියන්නේ ඒකත් flavours ගොඩකින් එනවනෙ.  :)    Smirnoff Red Label, Smirnoff Coffee-flavored, Smirnoff Green Apple, Smirnoff Raspberry, Smirnoff Mandarin Orange, Smirnoff  Black Cherry, Smirnoff Watermelon කියලා තමයි එන්නෙ.

rum කිව්වම ඉතින්  Bacardi තමයි මතක්  වෙන්නේ.

විස්කි කිව්වම මතක් වෙන්නේ Johnnie Walker තමයි. පාට පාට label වලින් එන්නේ.

අනිත් එක තමයි Jack Daniel’s. එහෙම නැත්නම් අපි ලේසියට කියන JD. අනිත් ඒවා තමයි Teachers, Chivas Regal , Glenfiddich, VAT 69, Grant’s වගේ ඒවා.

බ්‍රැන්ඩි කිව්වම ඉතින්  E & J, Napoleon, Franklin තමයි. ඔය මම රස බලපු ඒවා විතරයි. තව කොච්චර තියෙනවද රස බලන්න ඉතුරු වෙලා. :)

හරී. දැන් ගංජා ගැන. ගංජා, කංසා, මල ,සූස්තිය, රොකට්. ඔය මොන නමින් කිව්වත් කියන්නේ ගංජා ගැන තමයි. පොඩි එවුන්ට කියලා දෙනවා වගේ ඔතන්නේ කොහොමද , ගහන්නේ කොහොමද කියන්න ඕන නෑනෙ. ගංජා මස් හොද්දකට දාල හැදුවම මාර රහක් තියෙන්නේ. පැත්තම මාරම සුවඳයි. මස් කෑලි මෙලෙක් වෙනවත් එක්ක.  ඉස්සර අම්මා මස් හදද්දී දැම්මා මතකයි. ගොඩක් නෙමෙයි. කරපිංචා දානව වගේ ටිකක්. ගංජා ඒ විදියටත් පාවිච්චි කරනවා. මමනම් ගංජා තහනම් කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ. පිටරටින් ගෙන්නන සිගරට් තහනම් නෑ. ඒත් ලංකාවෙම හැදෙන ගංජා තහනම්. පුදුම රටක්. ඒ වුනාට “ගන්න අපේ දේ” කියල බ්‍රැන්ඩ් නම් ගහගෙන දඟලනවා. ඉස්සර පරසුද්දෝ උන්ගේ සිගරට් අපේ එවුන්ට පුරුදු කරන්න ගංජා නවත්තපු එක තාම ඒ විදියටම කරගෙන යනව. අවුලක් නෑ “මතට තිත”ලුනේ. ඒත් මතක තියාගන්න ඕන එක තමයි රජය නඩත්තුවෙන ප්‍රධානම බදු ආදායම අරක්කුවලින් සිගරට් වලින් ලැබෙන බද්දෙන් කියලා. ඒක නිසා මොන තරම් බූරුවෝ stage වල නැඟල කෑ ගැහුවත් මතට තිත තියනවා කියලා කිසිම දේකට බය වෙන්න වැඩක් නෑ. මොකද ඒ බූරුවොත් දන්නවා උන්ට මාටිය ගහන්න හරි සල්ලි ලැබෙන්නේ ඔය බද්ද නිසා කියලා.

ආපහු ට්‍රැක් එකෙන් පිට පැන්නනේ. අරක්කු බිවුවම එන මත් ගතියයි, ගංජා ගැහුවම එන මත් ගතියයි එකිනෙකට හාත්පසින්ම වෙනස්. අරක්කු බිව්වම aggressive ගතිය වැඩියි. ඒත් ගංජා ගැහුවම වෙන්නේ ඒකේ අනික් පැත්ත. තේරෙන විදියට කියනවනම් අරක්කු බීපු එකෙක් පාර පැනල  පාරෙන් එහා පැත්තට අරන් යන්න උනොත් ඌට “පාර පනින්න ඕන” කියලා කියන්න ඕන නෑ.  “පාර” කියද්දී පැනලා ඉවරයි. ඒත් ගංජා ගහපු එකෙක් පාර හරහා පනින්න අරන් ගියොත් ඌ පාර දෙපැත්ත බලලා, පාරේ වාහන එනවද කියල හොඳට කල්පනා කරලා හිතලා තමයි පනින්නේ. ඒකට සමහරවිට විනාඩි 15 විතර යන්නත් පුළුවන්. ඔන්න ඔහොමයි වෙනස.

ඇයි අරක්කු බීලා ගන්න ආතල් එකයි ගංජා ගහලා ගන්න ආතල් එකත් එකිනෙකට වෙනස්. කියන සිංදු. ඒවත් වෙනස්. අරක්කු බීපු වෙලාවට ගොඩක්ම කියන්නේ 6/8 beat එකට යන සිංදු. ඒත් ගංජා ගහපු වෙලාවට යන්නේ ගොඩක්ම slow, classical සිංදු. මමනම් කැමති ගංජා ගහලා ඉන්න තැනක කියවෙන සිංදු අහගෙන ඉන්න. මාරම ගතියක් තියෙනවා. අනික සිංදු කියන එක නතර වෙන්නෙත් නෑ. එකක් ඉවර වෙද්දී තව එකක් පටන් ගන්නවා. මං ලඟ ඉස්සර ඒ වගේ වෙලාවට match වෙන playlist එකක් තිබුණා. ඒත් ඒක දැන් කොහෙද කියලා හොයාගන්න බෑ. ගොඩක් දවසකින් එහෙම සෙට් වෙන්න බැරි උණා. මට මතක සිංදු ටිකක් පහළ දැම්මා. මේ වගේ ඒවා තමයි ඒ වෙලාවට යන්නේ. ඒක නිසා මම නම් කැමති බොන තැනක ඉන්නවට වැඩිය ගංජා ගහන තැනක් ඉන්න.

ප.ලි.
Please drink responsibly.
Smoking causes heart disease.

සඳකඩ පහනක

රන් දෙවොලෙන් බැස එන දෙවියෝ

තනිවෙන්නට මගේ ලොවේ

සඳ කැන් වැසිලා

දිනෙක හිරු බැස යන වෙලාවක

ඔබ මා සමඟ

මළ හිරු බසිනා

ලඳුනේ

කවුරුවත් නැහැ

මගේ පුංචි රෝස මලේ

මං මුලාවී

නින්ද නැති රැයේ

දුක හාදු දෙන රැයේ

 

 

තවත් දවසක

August 7th, 2011

“හෙලෝ”
“ආහ් බොක්ක තමුසෙද?”
“ඔව් ඕයි අද මේ shift එකට යන ගමන්.”
“අහ් එහෙමද? මේ ඕයි… මට තමුසෙගෙ පාළු මකන්නයි නරි නාවන්නයි වෙලාවක් නෑ. වෙන කාට හරි call කරනවා. මට හෙට A/L පටන් ගන්නවා. මෙන්න අම්මා ඉන්නව. ඕන එකක් කතා කරගන්නවා. මම දෙන්නම්.”
“අඩෝ දැන් තොපේ තියෙන gas නේද?”
“එහෙම තමයි ඩෝ. උඹලට වගේ නෙමේ දැන් අපිට වැඩ තියෙනවා. මේ අම්මත් එක්ක කතා කරනවා මම යනව.”
“එළ එළ.. හොඳට exam කරපන් සනා. ජය වේවා”
“ආයෙත් අහලා.”
“බලන්න පුතේ මූට අදවත් පන්සලට යන්න කතා කරාම ඒකටත් බෑලු. මම කෝකටත් කියල හෙට නිවාඩු දැම්මා. කියන්න බෑනෙ මූ උදේ නිදා ගත්තොත් එහෙම. මූට නිදා ගන්නව කිවුවොත් ඊට වැඩිය දෙයක් නෑනෙ.”

——————————————————————————————————–

ඔන්න ඔහොමයි මම අද උදේ ගෙදරට කතා කලාම විස්තර ටික. පොඩි මෑන්ට හෙට exam පටන් ගන්නවලු. ඌත් එක්ක කතා කරොත් රස ලෝකයකි. ඌ මගේ මල්ලී උනත් මතක ඇති කාලයකින් මම ඌට “මල්ලී” කියා හෝ ඌ මට “අයියා” කියා හෝ කියා නැත. ඌ මට “අයියේ” කියා කිවුවොත් එහෙම කියන්නේ මගෙන් දතක් පැන්නීමට බව මම හොඳින් දනී. ඕයි, තමුසේ, උඹ වැනි ප්‍රිය වදන් විතරක් අපි පාවිච්චි කරයි.

ඌ මගේ මල්ලී වූවාට මටත් වඩා අඩියකටත් වඩා උසය. මහතය. මහත කීවාට තරබාරු පෙනුම නොවේ. ඌ කියන විදිහට උසට සරිළන මහතය. සමහර නෑදෑයින් මූට මා කියා රැවටී කතා කල අවස්ථා එමට ඇත. සුපිරිම ආතල් චරිතයකි. මං ලඟ මල්ලීගේ පොඩි කාලේ පින්තූර ටිකක් එකතු කරගෙන තිබුණත් ලංකාවෙන් එද්දී අරන් ඒමට අමතක වී ඇත. ගෙදර machine එකේ තිබුණත් ඔය ටික send කරන්න කීවාට ඕකා කවදාවත් කරන්නේ නැත.  බලමු කොහොම හරි ඒ ටික  send කරවගෙන මඩක් ගහන්න.

මගේ පුංචි කාලේ වීරයෙක් විදියට චරිතයක් හිටියනම් ඒ Robin Hood විතරයි.

ඉස්සර Robin in Sherwood series එක යද්දි ඊලඟ episode එක බලන්න සතියක් ඇඟිලි ගැනපු විදියනම් තාමත් මතකයි. කී පාරක් බැලුවද කියලනම් මතක නෑ. ඒත් එපා උනේ නම් නෑ. පස්සෙදි TV එකේ යනකම් බලන් ඉන්න බැරිම තැන DVD සෙට් එකම ගත්තා.  ටික දවසකින් DVD සෙට් එක දාපු තැන හොයා ගන්න බැරි නිසා භාගත්තා. දැන් මං ලඟ ඉතුරු වෙලා තියෙන්නේ ඒ videos ටික තමයි. බලපු films  hard එකෙන්  අයින් කරත් මේ TV series එකනම් delete කරන්නෙනම් නෑ.  episode 26ක් තියෙනව. කීයක් කියල Robin Hood films, TV series ආවත් මටනම් ගතිම series එක තමයි Robin Of Sherwood කියන එක.

මම Robin Hood ගෙන් ආසම Michael Praed රඟපාපු episode 13ට. සුපිරියි. කළු කොණ්ඩෙන් පට්ට ගතියක් තිබුණා. ඒත් ඊලඟ spisode වල ආපු Jason Conneryටනම් මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඒකා හරියට නිකන් කෙල්ලෙක් වගේ. ඒ කාලේ ඔය episode ටික ලියපු Richard Carpenter ලඟ හිටියනම් ගහල මරන්න තරම් තරහක් තිබුනේ.  “The greatest enemy” කියන episode  එකේදී අපරාදේ Robin Hoodව මරණවනේ. මරල ඊලඟ episode එකේදි කෙල්ලෙක් වගේ Robin Hood කෙනෙක් ගේනවනෙ. ඇයි sound tracks  ටික?. ඒ කාලේ අද තරම් තාක්ෂණේ පැත්තෙන් පහසුකම් තිබුණේ නැති වුනත් sounds tracks ටික නම් සුපිරියටම තියෙනව.  ඔන්න ඒ ටික අහල නැති කවුරු හරි කෙනෙක්  ඉන්නවනම් මෙතන තියෙනවා අහන්න පුළුවන්.

Robin (the Hooded Man)
Now Is Here
Herne
Together we
Darkmere
Strange Land
Scarlet Inside
Lady Marian
Battles
Ancient Forest
Caislean Oir

පුංචි කාලේ බලන්න තිබුණනම් කියල හිතුණ  තැනක් තමයි Nottingham සහ Sherwood කැලෑව. ඒකෙ ආසාව වැඩි උනේ Loxleyවලට යන bus එකක් දැක්කට පස්සෙ. හප්පේ එදා ආපු සතුට. ඔන්න ඉතින් අපේ සෙට් එකත් ඇදගෙන බලන්න ගියා.

ඉස්සෙල්ලම ගියේ Nottingham බලකොටුව බලන්න.

පරණ ගොඩනැඟිලි ඔක්කොම අද දකින්න නැති උනත් තිබුන ගොඩනැඟිල්ල හොඳටම නඩත්තු කරලා තිබුණා. ඒක කෞතුකාගාරක් විදිහට නඩත්තු කරගෙන යනවා. ඒ කෞතුකාගාරේ බැලුවට පස්සේ හිතුණ දෙයක් තමයි, මුන්ට මුන්ගේ අතීතයක් කියලවත් පෙන්නනවත් දෙයක් නෑ කියලා. එතන දැක්ක පරණම කෞතුක භාණ්ඩය ඕනෙනම් වැඩිම උනොත් 1850 වගේ තමයි මට මතක. මට කොතනින් හිනා වෙන්නද කියල හිතා ගන්න බැරි උනා. ඇයි යකෝ ලංකාවේ ටිකක් පරණ ගෙදරකටවත් ගියොත් ඊට වැඩිය පරණ පිඟානක් හරි හොයා ගන්න පුළුවන්නේ.

ඊලඟට ගියේ Sherwood වලට. එතනදී කැළෑවේ ඇවිදිනවට අමතරව බලන්න තියෙන්නේ Major Oak tree එක තමයි.

ඒ Oak ගහට අවුරුදු 800කට වඩා වයසයි කියල තමයි කියන්නේ. Robin Hood හැංගෙන ප්‍රධාන තැන් වලින් එකක් කියලනෙ කියන්නේ.

විස්තර ලියනවට වැඩිය පිංතූර දාන එක ලේසියි.
තව පිංතූර මෙතනින්.

Robin Hood dies :  The legend lives on